29 C
Colombo
Saturday, July 27, 2024

වැට් බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

- Advertisement -

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන මුදල් අහිමි වීමේ අවධානමක් මතු වී තිබෙනවා.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (10) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු අද දිනය දක්වා කල්තැබුණා.

සභාව කල්තැබීමෙන් අනතුරුව සභා නායක සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී අදාළ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළා.

ඒ අනුව පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර සභාවේ මුලික කටයුතුවලින් අනතුරුව මෙම විවාදය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සභාෙනායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, නියමිත වේලාව තුළ දීම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර අද උදෑසන 8.30ට ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් පැවැත්වීමට ද පියවර ගෙන ඇති බව සභානායකවරයා සඳහන් කළා.

කෙසේවෙතත් වැට් බදු සංශෝධන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරමින් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...