රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කළ අතර තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල්තබා තිබෙනවා.
ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.
පෙත්සම අද (13) කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කළ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා නැවත කරුණු ඉදිරිපත් කිරීම සිදුකළා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.