ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් 2023 තරඟ වාරය සඳහා සාර්තක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ, ඔහු ඊයේ (07) ඉතාලියේදී සහභාගී වූ ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින්.
එය යුපුන් අබේකෝන් මෙම වසරේ දී සහභාගිවූ පළමු ධාවන තරගය වනවා.
එම ධාවන ඉසව්ව අවසන් කිරීම සඳහා යුපුන් අබේකෝන්ට තත්පර 20.60ක කාලයක් ගතව තිබෙනවා.