28.9 C
Colombo
Tuesday, June 24, 2025

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

- Advertisement -

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්‍රාමනිළධාරීවරයා බව පොලිසිය සඳහන් කළා.

සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් 52 හැවිරිදි වියේ පසුවන බවත් සදහන්.

සැකකාර ග්‍රාම නිළධාරීවරයා 2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ වෙනත් ග්‍රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත්කර ඇති බව පොලිසිය සදහන් කරනවා.

පොලිසිය සදහන් කළේ එසේ නිකුත් කල ලිපිය රැගෙන ගිය කාන්තාව එම ලිපිය ඉදිරිපත් කර වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස්කර ගෙන ඇති බවයි.

ලිපිය නිකුත් කල කාන්තාව තමා නොදන්නා බවත්, කුඩා දරුවන් දෙදෙනෙකු කැටුව පැමිණ ඉල්ලා සිටිමෙන් පසු ලිපිය නිකුත් කල බවත් ග්‍රාම නිළධාරීවරයා පවසා තිබෙන බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

POPULAR ARTICLES

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු...