32 C
Colombo
Friday, June 2, 2023

ලොව විශාලතම ග්ලැසියරය ඇන්ටාක්ටිකාවෙන් කැඩී යයි

- Advertisement -

දිග කි.මී.175 (සැතපුම් 106) සහ පළල කි.මී.25 (සැතපුම් 15) වූත් වර්ග කි.මී.4,320 ක් පමණ වූ A-76 ලෙසින් නම් කර ඇති ලොව විශාලතම අයිස් කුට්ටිය ඇන්ටාක්ටිකාවේ අයිස් රාක්කියෙන් කැඩී ගොස් ඇති බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ඊයේ (20) පවසන බව විදෙස් මාධ්‍ය දක්වයි .

ස්පාඤ්ඤයේ දූපතක් වන මල්ලෝර්කා (Mallorca) ට වඩා තරමක් විශාල බවට පසුගියදා හදුනාගත් මෙම A-76 අයිස් කුට්ටිය, කොපර්නිකස් සෙන්ටිනල්-1 ( Copernicus Sentinel -1) මෙහෙයුමෙන් මෑතකදී අල්ලා ගන්නා ලද චන්දිකා ජායාරූප වලින් විද්‍යයඥයින් විසින් සොයා ගන්නා ලදී.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය අනුව,යෝධ අයිස් තට්ටුවක් ඇන්ටාක්ටිකාවේ ශීත කළ මායිමේ සිට වෙඩ්ඩෙල් මුහුදට(Weddell Sea) පැටලී ඇති අතර එය මෙලෙස ලොව ව්ශාලතම අයිස් කුට්ටිය බවට පත්වී ඇත්තේ වෙඩ්ඩෙල් මුහුදේම පිහිටා ඇති වර්ග කි.මී.3,880 (ව.සැතපුම් 1,305) ක් වූ A-23A ලෙසින් නම් කර ඇති අයිස් කුට්ටිය ලොව දෙවන විශාලතම අයිස් කුට්ටිය බවට පත් කරමින්ය.

දකුණු ධ්‍රැවයට වඩාත් ඈතින් පිහිටි ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ සමහර අයිස් රාක්ක මෑත වසරවලදී වේගයෙන් බිදී ගොස් ඇති අතර විද්‍යයඥයින් විශ්වාස කරන පරිදි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙයට බලපෑම් ඇතිකර ඇති බව එක්සත් ජනපද ජාතික හිම හා අයිස් දත්ත මධ්‍යස්ථානය (US National Snow & Ice Date Center ) පවසයි.

තවදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස අයිස් කුට්ටි බිදවැටීම ස්වාභාවික චක්‍රයේ කොටසක් වන අතර එය පාවෙන අයිස් තට්ටුවක් බැවින් එය මුහුදු මට්ටම ඉහල යාමට හේතුවක් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ අමාත්‍යාංශ තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...