28 C
Colombo
Saturday, May 18, 2024

දේශබන්දුට කඩේ ගිය මුරුත්තෙට්ටුවේ හිමිගේ ලයිට් කපලා(වීඩියෝ)

- Advertisement -

නාරාහේන්පිට අභයාරාමයේ විදුලි බිල රුපියල් එකොළොස්දහසක හිඟයක් තිබීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පසුගිය සිකුරාදා (01) විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විහාරස්ථානයේ නොමැති අවස්ථාවක මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බවයි වාර්තා වන්නේ.

එය දැනගත් දායක සභාවේ පුද්ගලයකු හිඟ විදුලි බිල හා දඩය වූ රුපියල් තුන්දහසක් ගෙවා එදිනම විදුලි සබඳතාව ලබාගත් බවත් ආනන්ද නාහිමියන් පවසනවා.

මෙම විදුලිය විසන්ධි කිරීම විදුලිබල මණ්ඩලයේ අනුමත නීතිරිතිවලට පටහැනි බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස උන්වහන්සේ විදුලිබල මණ්ඩලයේ බලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

විදුලිය විසන්ධි කිරීමට පෙර අදාළ පාරිභෝගිකයා දැනුවත් කළ යුතු වන අතර හිඟ විදුලි බිල අයකර ගැනීමට රතු නිවේදන නිකුත් කළ යුතු වුවද ඒ කිසිදු කාර්යයක් මෙම විසන්ධි කිරීමට පෙර සිදුව නොමැති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම විදුලිය විසන්ධි කළ හැක්කේ රුපියල් පන්දහසට වැඩි හිඟ බිල් පත් සම්බන්ධයෙන් වුවත් අභයාරාමයේ මෙම හිඟ මුදල විදුලි මීටර් තුනක හිඟයක් බැවින් එහිදී මෙම විසන්ධිය විදුලිබල මණ්ඩලයේ අනුමත නීතිරීති උල්ලංඝනය කිරීමක් බවද උන්වහන්සේ සඳහන් කරනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහය දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වූවා.

එහිදී කාදිනල් හිමියන්ට අපහාස වන අන්දමේ ඡායාරූපද ප්‍රදර්ශනය කළ උන්වහන්සේ කාදිනල් හිමියන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට විරෝධය පලකිරීම පිළිබදව දැඩිව විවේචනයටද ලක්කළා.

RECENT ARTICLES - SINHALA

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

මැල්සිරිපුර පොලිසියෙන් පාසල් සිසුවෙක්ට අමානුෂික ප්‍රහාරයක්

නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පාසල්...

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...