25 C
Colombo
Wednesday, September 27, 2023

රජයේ ගිණුම් වල වත්කම් නැහැ

- Advertisement -

රජයේ ගිණුම් තුළ ණය පිළිබඳව පමණක් තොරතුරු තිබෙන බවත් වත්කම් පිළිබඳ තොරතුරු ඇතුළත් වී නොමැති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළී වී තිබෙනවා.

2022 වසර අවසානය වනවිට මෙරට ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 27ක් බවත් එහි දැනට පවතින වත්කම් ප්‍රමාණය පිළිබඳව සටහනක් නොමැති බව එහිදී අනාවරණ වූණා.

ඒ සම්බන්ධව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සඳහන් කළේ “දැනට මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන මූල්‍ය නොවන වත්කම් විදියට 2022.12.31 දිනට පෙන්නලා තියෙන්නේ ට්‍රිලියන 02යි. හැබැයි මුලු ව්‍යාපෘතිවලට ගත්තු ණය විතරක් (ණය ගෙවලා) 2022.12.31ට පෙන්නලා තියෙනවා ට්‍රිලියන 08ක්. මුළු සමස්ත ණය ට්‍රිලියන 27ක්. තව ට්‍රිලියන 22ක් අපි හඳුනගෙන තිබෙනවා. ඒක වත්කම් විදියට නෙමෙයි ප්‍රාග්ධන හිඟයක් ලෙස. මේක තමයි මේ ගිණුමේ තිබෙන අවුල් සහගත තත්ත්වය. අපි ගාව බැරකම් ටික තියෙනවා. වත්කම් ටික නැහැ. ඒක තමයි ප්‍රශ්නය තියෙන්නේ. රටේ වත්කම් පිළිබඳ සමස්ත එකතුවක් අපි ගාව නැහැ.” යන්නයි.

ඊට පිළිතුරු ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ “මේ ගැටලුව දිගින් දිගටම තිබුණ දෙයක්. කවුරු හරි කිව්වොත් අපි බිලියන 08ක් ණය අරගෙන තිබෙනවා. බිලියන 02යි වත්කම් තියෙන්නේ කියලා. එතනම අඩුපාඩුවක් පේනවානේ. ඒක අපි නිවැරදි කළ යුතුයි. හැකි තරම් වත්කම් හඳුනගෙන මේ තියෙන පරතරය පියවන්න අපි කටයුතු කරනවා. වත්කම් සහ වගකීම් තියෙන නියම ආකාරයේ ගිණුමක් ඉදිරියේදී රටට ලබාදෙන්නම්.” යන්නයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රති-COVID ඖෂධයකින් නව විකෘති Covid වෛරසයක්

ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රති-COVID ඖෂධයක් හේතුවෙන් Covid වෛරසය විකෘති වීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. Covid සඳහා ප්‍රතිකාර කිරීමට නිපදවන ලද මුල්ම...

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...