විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් වූ විපක්ෂයේ මන්ත්‍රීන් රැසක් ආසාදිතයන් වීමේ අවධානමක් පවතිනවා.
වරාය නගර පනත සම්මත කිරීමේ පාර්ලිමේන්තු රැස්වීම ඇතුළු පසුගිය දවස් කිහිපයේ පැවති පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයටම විපක්ෂ නායකවරයා සම්බන්ධ වුණා.
කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම, සම්මන්ත්‍රණ, ඒකරාශ්‍රීවීම් තහනම් වුවත් පාර්ලිමේන්තු රැස්වීම් අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පනවා ඇති අසුන් අතර කිසිදු ආකාරයක මීටරයක පරතරයක් නොතිබූ අතර බොහොමයක් මන්ත්‍රීවරුන් වැඩි වේලාවක් මුව ආවරණ නොමැතිව සිටින ආකාරයද දක්නට ලැබුණා.
මේ අතර පසුගියදා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගත්තා.
විපක්ෂ නායකවරයා පසුගිය 20 වනදා පාර්ලිමේන්තු මාර්ගයේ පැවති විරෝධතාවයකටද සහභාගී වී තිබුණා.
එමෙන්ම 21 වනදා ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන යටතේ කුළියාපිටිය රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකටද එක්ව සිටියා.


