25 C
Colombo
Saturday, January 18, 2025

2025ට අයවැයක් නැහැ – රංජිත් සියඹලාපිටිය

- Advertisement -

2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කර තිබෙනවා.

අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ, මෙම වර්ෂය ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත වර්ෂයක් බවත්, මීට පෙරද එවැනි අවස්ථා වලදී මේ ආකාරයෙන් අතුරු සම්මත ගිණුම් සම්මත කරගෙන තිබෙන බවයි.

2024 වර්ෂය වෙනුවෙන් සම්මත කරන ලද අයවැය වාර්තාව මගින්, 2024 දෙසැම්බර් මස 31 වනදා දක්වා පමණක් ආදායම් වියදම් සිදු කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව 2025 වර්ෂය සඳහා වෙනම අයවැය ලේඛනයකින් අනුමැතිය ගත යුතු බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී පවසා සිටියා.

කෙසේ වෙතත්, මේ වසරේ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බැවින් එහිදී එක් එක් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉතා වැදගත් බවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීමට වැදගත්ම ලේඛනය වූ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉඩක් තබා 2025 මුල් කාර්තුව වෙනුවෙන් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ජනාධිපතිවරණය අභිමුව තිබියදී වඩාත් ආකර්ශනීය යෝජනා ඇතුළත් කොට ඊළඟ වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට රජයට ඕනෑ තරම් අවස්ථාව ඇතත් ලොව පිලිගත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් අනුගමනය කරමින් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ආර්ථිකය සහ දේශපාලන ආර්ථිකය සහ ඡන්ද ව්‍යාපාරය පටලවා නොගෙන මේ ආකායෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් ක්‍රියාවක් බව ද රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය එහිදී පවසා සිටියා.

එසේම අතුරු සම්මත ගිණුම මගින් කිසිදු නව යෝජනාවක් ගෙන එන්නේ නැති බවත්, ඒ තුළින් මේ දක්වා සිදු කළ රාජ්‍ය සේවක වැටුප ගෙවීම, අස්වැසුම ඇතුළු අනිකුත් වියදම් සිදු කිරීමට පමණක්ම අවසර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා,

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...