28 C
Colombo
Sunday, October 1, 2023

තෙල් කාන්දුව බලන්න සපුගස්කන්දට ගිය ගම්මන්පිලට ජනතා විරෝධය (වීඩියෝ)

- Advertisement -

පවතින අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන වැසි ජලයත් සමඟ ප්‍රදේශය පුරා කාන්දුවී තිබුණා.

මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බවත් භූගත ජලය බීමට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, නල ජලයද භාවිතා කිරීමේ අවධානමක් පවතින බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ අතර පැවති අධික වර්ෂාවත් සමග සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් හට ගැණුනා.

වැසි ජලය සමග මිශ්‍ර වී ඇති මෙම දැවි තෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩු වි කැළණි ගඟේ ජල මට්ටම අඩු වීමත් සමග පට්ටිවෙල ඇල හරහා කැළණි ගඟට එක් වීමේ අවධානමක් ද තිබෙනවා.

මෙම තත්ත්වය නිරික්ෂණය කිරීමට එම ස්ථානයට ගිය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

ඔවුන් පැවසුවේ පවත්නා තත්ත්වය නිරීක්ෂණය කිරීමටත් පෙර අමාත්‍යවරයා මාධ්‍ය වටකරගනිමින් ඔවුන්ට අදහස් දැක්වීමට කටයුතු කළ බවයි.

මේ අතර දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වීමේ අවධානම බෙදා හරින පානීය ජලයේ ගුණාත්මකභාවයට හානි සිදුව ඇතැයි මෙතෙක් අනාවරණය නොමැති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...