31 C
Colombo
Saturday, July 27, 2024

විමල් ඇමතිතුමාගේ කතාවේ වැරද්දක් නෑ – මැදගොඩ අභයතිස්ස හිමි

- Advertisement -

විමල් වීරවංශ ඇමතිතුමා විසින් කර තිබෙන ප්‍රකාශයේ යම් සාධනීය වැදගත්කමක් තිබෙන බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළද දේශපාලනික වශයෙන් යම් කිසි මෙහෙයවීමක් සිදුකිරීමට අවශ්‍ය වන හෙයින් පක්ෂයේ ඉහළ තනතුරක් තිබීම වැදගත් බවයි උන්වහන්සේ පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැදගොඩ අභයතිස්ස හිමි,

”විමල් වීරවංශ ඇමතිතුමාට පෞද්ගලිකව අදහස් දැක්වීමේ අයිතිය තියෙනවා. අනිත් එක එතුමා ඒ කියපු කතාවේ සාධනීය වැදගත්කමක් තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති පුටුවේ හිටියත් එතුමාට දේශපාලනික වශයෙන් අවශ්‍ය වෙනවා යම්කිසි මෙහෙයවීම සිද්ධ කරන්න. ඒ නිසා එතුමාට දේශපාලනිකව පක්ෂයේ කිසියම් උසස් තනතුරක එතුමා සිටීම වැදගත් කියන එක අපිත් විශ්වාස කරන කාරණයක්. ඊටත් වඩා මෙතන තියෙන වැදගත්ම දේ මේකයි අතීතයේ අපි දැක්කා දුටුගැමුණු සද්ධාතිස්ස දෙකුමරුවන් අතර ඇතිවෙච්ච අරගලයේදී මහා සංඝ රත්නය මැදිහත් වෙන්නේ ඔවුන්ගේ සමඟිය රටේ යහපතට හේතුවෙන නිසා.

ඒ නිසා පක්ෂ අභ්‍යන්තරයේ ඇතිකරගන්නා වූ යම් යම් ගැටළු විසින් මේ රටේ තීරණාත්මක යම්  කරණාවලදී බලපෑම් ඇතිකරන්න පුළුවන.  හැත්තෑ දෙකේ තුනෙන් දෙකක බලයක් එක්ක ආපු මැතිණිය පක්ෂ අභ්‍යන්තරයේ ඇති වුන ගැටුම් නිසා අන්තිමට අසන 08ට බැහැලයි පරාජයට පත්වුණේ. සතුරාගේ උපක්‍රමය තමයි ජනතාවාදී රාජ්‍යයක් බිහිවුණාට පස්සේ  අභ්‍යන්තර ගැටුම් හදන එක. ඒ නිසා මේ සුළු  සිද්ධියක්,සුළු වචනයක් පදනම් කරගෙන අභ්‍යන්තර ගැටළු හදාගෙන ඒ හරහා මේ රටේ අනාගතය තීරණය කරන මේ ගමන නතර කරගන්න එපා කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා.”

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පරිණත දේශපලකයෙක් ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරිණත පරිපාලකයෙක් ලෙසත් විවේක බුද්ධියෙන් කටයුතු කරන්නෙක් ලෙසත් පෙන්වා දෙන උන්වහන්සේ ආණ්ඩුවේ සිටින බහුතරක් ඇමතිවරුන්ද පරිණත දේශපාලකයින් ලෙස පෙන්වා දෙනවා. කිහිපදෙනෙකුගේ නොසරුප් කතා පසෙක දමා රට හමුවේ පවතින අභියෝග ජයගැනීමට රට වෙනුවෙන් සමඟියෙන් කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...