27 C
Colombo
Wednesday, April 23, 2025

දේශබන්දු වෙනුවෙන් අධිකරණයට එන හිමිවරු

- Advertisement -

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් ශ්‍රේෂ්ඨාධිකරණයේදි ඊයේ (27) සලකා බැලුවා.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ හත් නමකට අවසර දෙන ලෙස ඉල්ලා මෝසමක් ගොනුකර ඇති බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියා.

එලෙස මෝසම ගොනුකර ඇත්තේ කොට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම හිමි සහ ප්‍රවීන ධර්මදේශක පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින්.

මෙහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම මේ වන විට සිදුකොට අවසන් හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් නොමැති බව පෙන්වා දි තිබුණා.

වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද මෙහිදී කරුණු දැක්වමින් සඳහන් කර තිබෙන්නේ,

“ස්වාමීනී, ඊයේ දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා මාගේ සේවාදායකයාව පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. එම තත්ත්වය හමුවේ මෙම පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඔහුගේ පත්කිරීම තුළ යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනත් නඩුවක් ගොනුකළ යුතුයි.”

පසුව පෙත්සම්කරුවෙකු වන අරගල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වමින් සඳහන් කළේ,

“ස්වාමීනි, වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩබලන පොලිස්පති ධුරකාලය මේ මස 29 වනදා අවසන් වීමට නියමිතව තිබුණා. ඒ නිසයි අධිකරණය අදාළ පෙත්සම් අද දින සලකා බැලීමට දින නියම කළේ. එසේ තිබියදී වගඋත්තරකරුව ඊයේ දින පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේක නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක්. මාගේ පෙත්සමෙන් පොලිස්පතිවරයා පත් කිරීමත් අභියෝගයට ලක් කර තිබෙනවා. ඒ නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නැහැ.”

නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා කියා සිටියා.

එහිදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විවෘත අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ,

“මෙම නඩුකරවලට අදාළව ඊයේ දින විශේෂ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන් වෙනවා. ඊට අදාළ තොරතුරු මෙම පෙත්සම් වල අන්තර්ගත කර නැහැ. උදා වී තිබෙන අලුත් තත්ත්වයන් පිළිබඳ තොරතුරු නොමැතිව අධිකරණයට තීන්දුවක් ගැනීමට අපහසුයි. එබැවින් නව තත්ත්වයට අදාළ තොරතුරු ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බව පෙනීයනවා.”

ඒ අනුව නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ සියලු ලිපි ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

පාසලට ඇතුල්කරන විට වෙන අසාදාරණ අපිට කියන්න-හරිනි

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.  පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම්...

POPULAR ARTICLES

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

කොළඹ කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 11.87 කින් පහළ වැටුණා. ඒ අනූව ඒකක 15,543.99 ලෙසයි සටහන් වුණේ. මේ හේතුවෙන් වාර්තා වන පිරිවැටුම...