29 C
Colombo
Saturday, July 27, 2024

මේක නාමල්ගෙ වෙලාව නෙමෙයි-රණතුංග මහතා

- Advertisement -

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ යම් ලෙස දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් තමන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවයි.

හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

“අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් මම එතුමාට සහය පළකරනවා. නමුත් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ. මම ඒක හොඳාකාරවම දන්නවා. නාමල් මල්ලිට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වෙලාව නෙවෙයි. එයාට තව කල් තියෙනවා. මම ඒක නාමල්ගේ මූණටත් කිව්වා. මොකද එයා ඉදිරිපත් වෙන්න ඕනේ සුදුසුම වෙලාවේ දි.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා දුර්වල අපේක්ෂකයෙක් අපේ පක්ෂයෙන් දැම්මොත් මම මේ පක්ෂෙ සාමාජිකත්වයේ ඉන්නවද නැද්ද කියලා එදාට තීරණය කරනවා. හැබැයි මම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. මට ඕනම දේශපාලන පක්ෂයකින් ඉල්ලලා දිනන්න පුළුවන්. ඒත් මම ඡන්දය ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි” බව අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...