29 C
Colombo
Sunday, June 4, 2023

සුවයි කී ‘තෝර්’ සිංහයා තවමත් ලෙඩින්

- Advertisement -

කොවිඩ් ආසාදනය වූ දෙහිවල සත්වෝද්‍යානයේ ‘තෝර්’ නැමැති සිංහයාගෙ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් විශේෂ ප්‍රතිකාර ආරම්භ කර ඇති බව වාර්තා වේ.

තෝර් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව මීට ඉහතදී ප්‍රකාශ වූවත් තෝර් පිළිබඳව දැඩි අවධාන‍යෙන් පසුවන සත්වෝද්‍යාන පරිපාලනයට සිංහයාගේ සමෙහි තුවාලද ඇතිව ඇති බව නිරීක්ෂණය වී ඇත.

එම සිංහායාර වැලඳී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය බවට මේ වනවිට තහවුරු වී ඇති අතර සිංහ ධේනුවගේ ද සාම්පල ජාන විශ්ලේෂණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා‍ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමුකර ඇත.

සිංහ ධේනුවට ද ඇල්ෆා ප්‍රභේදයම වැලඳී ඇති බවට සැක කරන බව දෙහිවල සත්ත්ව උද්‍යානයේ කොරෝනා ආසාදිතව හඳුනාගත් සිංහයන් සම්බන්ධව පරීක්ෂණ සිදු කරන රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා පවසනවා.

තෝර් ඇතුළු සත්වෝද්‍යානයේ සතුන් වෙනුවෙන් ඉන්දියාවෙන් ගෙන්වූ විශේෂ ඖෂධද ලබාදීමට මේවන විටත් කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත්, මිනිසුන්ගෙන් සතුන්ට කොරෝන වෛරසය බෝවීමේ ප්‍රවණතාවයක් පැවතියද සතුන්ගෙන් කොරෝනා වෛරසය මිනිසුන්ට බෝ නොවන බවයි රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීවවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...