ගුරු -විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ගුරු -විදුහල්පති වෘත්තීය සමිතිවල මෙහෙයවීමෙන් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයේ දෙවන උද්ඝෝෂණය අද කුරුණෑගල නගරයේදී පැවැත්වුණා.
මෙම උද්ඝෝෂණයට දහස් ගණන් ගුරු විදුහල්පති සාමාජිකයන් සහභාගීවී සිටීම විශේෂත්වයක්.
විරෝධතා පුවරු සහිතව කුරුණෑගල නගරයේ වීදි පුරා මෙම දහස් සංඛ්‍යාත පිරිස විරෝධතාවයේ නිරත වෙමින් ගමන් කරමින් ආණ්ඩුවට බලකර සිටියේ වහාම තම ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙසයි.
මෙම විරෝධාතාවය කුරුණෑගල නගරයේ පැවැත්වෙන බැවින් ඊයේ (24) දිනයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එය කඩාකප්පල් කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත් බවට ගුරු සංගම් චෝදනා කරනවා.





