ගාල්ල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මහතා ඊයේ (23) දහවල් ගාල්ල නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී මහජනතාව ඉදිරියේ ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මහතාට තර්ජනාත්මක ලෙස බැන වැදී තිබෙනවා.
ඒ කොවිඩ් ආසාදිත මරණයක් සම්බන්ධ කාරණයක් පදනම් කරගනිමින්.
අදාල සිදුවීමෙන් පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි ලෙස කණස්සල්ලලට පත්ව තිබෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා.
