26 C
Colombo
Sunday, May 19, 2024

සාමනේර හිමිනමකට ලිංගික අතවර කළ තුන් නමක් අත්අඩංගුවට

- Advertisement -

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කල විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය සඳහන් කරනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර , පයාගල ගොරකදෙනිය විහාරස්ථානයක වැඩවසන 43 සහ 17 වියැති තුන් නමක් බවත් අතවරයට පත් සාමනේර හිමි නමගේ මව විසින් කල පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ සිදුකර තිබෙනවා.

ඉකුත් මැයි 04 නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර ,එය ප්‍රතික්ෂේප කර අත්අඩංගුවට ගන්නැයි අධිකරණය පොලිසියට නියෝග කර තිබුණා.

ඒ අනුව පලාගොස් සිටී ස්වාමීන් වහන්සේලා තුන්නම අද පයාගල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.

පැමිණිල්ලේ සදහන් වන්නේ 2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමි සහ අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමර වලදී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකල බවයි.

අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගත් බවත් සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සදහා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් බවත්පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...