24.5 C
Colombo
Tuesday, June 17, 2025

ව්‍යාපාරියෙකු පැහැරගෙන කප්පම් ගත් සුරාබදු නිලධාරින් තිදෙනකු සහ හමුදා සැරයන්වරයකු අල්ලයි

- Advertisement -

වලස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු‍ නිලධාරින් තිදෙනකු සහ යුද හමුදා සැරයන්වරයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ බීඩී නිෂ්පාදකයකුගේ බලපත්‍රය ජූනි මස 26 වනදායින් අවසන් වීම හේතුවෙන් එම මස 18 වනදා තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ නඩු පවරන බවට මොහුට පවසා තිබෙනවා.

පසුව එය නඩු මඟට නොයා විසඳා ගැනීමට නම් රුපියල් ලක්ෂ 14ක මුදලක් බීඩි නිෂ්පාදකයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු ඊට විරුද්ධ වී තිබුණා.

එම සිද්ධියෙන් පසු මෙම ව්‍යාපාරිකයා ත්‍රි රෝද රථයකින් පැහැරගෙන ගොස් පහරදී රුපියල් ලක්ෂ 10ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වලස්මුල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා...

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

POPULAR ARTICLES