දිඹුලාගල මගුල්දමන, නිවසකට අද (13) අලුයම වන අලියකු පහරදී ඇති බව මනම්පිටිය පොලීසිය පවසනවා.
පොලීසිය පවසන්නේ,එහිදී නිවසේ බිත්තියකට යටව තුවාල ලැබූ 8 හැවිරිදි සහ 9 හැවිරිදි දුව සහ පුතා මෙන්ම අවුරුදු 27ක් වයසති මව තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ගඩොල් බිත්ති වල තිබු ගඩොල් වැදිමෙන් මව, දියණිය සහ පුතුගේ හිසට මෙන්ම ශරීරයට සාමාන්‍ය වශයෙන් තුවාල සිදුවී ඇති බවත්, ඔවුන් දැනට සාමාන්‍ය තත්ත්වය පසුවන බවත් මනම්පිටිය ප්‍රාදේශීය රෝහල ස්ථාන භාර නිලධාරී දීපාල් අසංක මහතා පවසනවා.
එම වන අලියා මඟුල්දමන ගම්මානයේ තවත් නිවාසකට හානි සිදුකර ඇති බව වෙහෙරගල වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.