25 C
Colombo
Wednesday, September 27, 2023

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

- Advertisement -

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ විභාග අපේක්ෂිකාවක් තම ජංගම දුරකථනයෙන් ගුරුවරයකු වෙත ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර පිළිතුරු ලබාගෙන ඇති බවයි.

ඊට අමතරව හේනේගම මහා විද්‍යාලය හා සීදුව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයේදී අකටයුතුකම් වාර්තා වී තිබෙනවා.

එම අපේක්ෂකයන් දෙදෙනෙක් ජංගම දුරකථන භාවිතයෙන් ගණිතය ප්‍රශ්ණ පත්‍රයවෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමු කර පිළිතුරු ලබා ගැනීමට යාමේ දී නිරික්ෂකවරයා විසින් මේ අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

මෙම සිදුවීම් සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...