31 C
Colombo
Saturday, June 10, 2023

සෑම පැයකටම තිදෙනෙක් මියයනවා – විශේෂඥ වෛද්‍ය මනිල්ක

- Advertisement -

මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බවත් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඊට කිහිප ගුණයකින් වැඩි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසනවා.

මේ වනවිට යළිත් කොවිඩ් වසංගත තත්වය ඉහළ යමින් තිබෙන බැවින් එන්නත්කරණය මගින් පමණක් තත්වය පාලනය කළ නොහැකි බවයි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.

සෑම පැයකටම පුද්ගලයන් තුන් දෙනෙකු බැගින් මියයන තත්වයට වසංගතය වර්ධනය වියහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

දෛනිකව වාර්තා වන මරණ ප්‍රමාණය අනුව ඩෙල්ටා වෛරස ප්‍රභේදයේ බලපෑම පැහැදිලිව දක්නට ලැබෙන බවත් කොරෝනා වසංගතය සහ එන්නත්කරණය අතර තරගයෙන් ජය ගැනීමට නම් කෙටි කාලයකට හෝ යළිත් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසනවා.

“මේ ආසාදිතයින් 2,000 ගණන මම විශ්වාස කරන්නේ නෑ. ඒ ගාන නෙමෙයි හරි ගාන. ඒ බලන PCR ප්‍රමාණය අනුව නේ. ඒ දවස්වල PCR 20,000ක් බලනකොටත් 2,000, 3,000 තිබුණා. දැන් PCR 10,000කින් 12,000කින් තමයි මේ ගාන එන්නේ.

අනික මේ ඩෙල්ටා ප්‍රභේදය 10 දෙනෙකුට විතර සීග්‍රයෙන් පැතිරෙනවා. එතකොට යම් ප්‍රතිශතයක් පොසිටිව් වෙනකොට තව ඒ වගේ 5,6 ගුණයක් ඉන්න පුළුවන් නොදැන. මේක 4 වෙනි රැල්ලක් තත්ත්වයක තමයි අපි ඉන්නේ. එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට පේන්නේ.

මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තිදෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා තමයි එකම පිළිතුර.”

RECENT ARTICLES - SINHALA

සිකුරාදා සහ ඉරිදා දිනවල යාපනයේ උපකාර පන්ති පැවැත්වීම තහනම්

ජුලි 01 වනදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්...

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...