31.1 C
Colombo
Tuesday, June 24, 2025

ලංකාවේ ව්‍යාපෘති තුනක් ඉන්දියාවට

- Advertisement -

ලංකාවේ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති තුනක වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීම, සූර්ය බල විදුලි ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම යන ව්‍යාපෘතින් වේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පසුගිය සතියේ පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී උතුරේ දූපත් 03ක සූර්ය බල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර ඒ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙන බවට සදහන් වනවා.

නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාළ කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින බවත් ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාළව ද සාකච්ඡා කර තිබෙන අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීම අවසන් අදියරේ පසුවන බවත් සඳහන්.

මෙම කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරීම ගැන මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවයට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

මැරිලා දවස් පහක් ගිය ලෙඩ්ඩුන්ටත් ඔපරේෂන් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින්...

POPULAR ARTICLES

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...