29.1 C
Colombo
Friday, April 26, 2024

කොවිඩ් ආසාදිතව ගුරුවරුන් තිදෙනෙක් මරුට

- Advertisement -

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී පාසල් ගුරුවරුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඒ ගාල්ල – සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සන්ධ්‍යා විතාරණ මහත්මිය, කුරුණෑගල – මලියදේව බාලිකා විද්‍යාලයේ ඊනිඩ් ද සිල්වා මහත්මිය හා කෑගල්ල – ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ තෙන්නකෝන් මහතා යන ගුරුමහත්ම මහත්මියන් තිදෙනා වසංගත තත්ත්වයෙන් මියගියා.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කරන්නේ සමාජය හා සෘජුවම ගැටෙන ගුරු හා විදුහල්පතිවරුන් හට කොවිඩ් මර්දන වැක්සීනය ලබාදෙන ලෙස මීට පෙරද අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගෙන් ඉල්ලීම් කල බවයි.

කෙසේ වෙතත් එම ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබීමේ ප්‍රතිපල ලෙස ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් යළිත් නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට කොවිඩ් වැක්සීනය ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කල යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...