31 C
Colombo
Sunday, June 4, 2023

හදුනාගත් කොවිඩ් රෝගීන් මෙන් තුන්ගුණයක් සමාජයේ ඉන්නවා – සුදර්ශනී

- Advertisement -

දිනකට කොවිඩ් ආසාදිත රෝගීන් 2000 ක් පමණ හදුනාගන්නා විට ඊට සමාන්තරව හදුනානොගත් කොවිඩ් රෝගීන් දෙගුණයක් හෝ තුන් ගුණයක් සිටින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය පවසනවා.

එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි ඇය අනතුරු අඟවන්නේ.

මේ නිසා අනවශ්‍ය සංචරණයන් අවම කරගනිමින් ජනතාව ගෘහස්තව සිටීම ඉතා වැදගත් බව ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙනවා.

“මිනිසුන් දිගින් දිගටම වගකීම් විරහිතව කටයුතු කළහොත්, නුදුරු අනාගතයේ දී තත්වය විපතකට පත්වනවා. එ්නිසා ඔවුන්ට ආරක්ෂිතව හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසට අපි නිහතමානීව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපට මානව සම්පත් අහිමි වුවහොත් ඇඳන් සහ දැඩි සත්කාර ඒකකයේ ධාරිතාව ඉහළ නැංවීමේ තේරුමක් ඇත්තේ න‍ැහැ.”

RECENT ARTICLES - SINHALA

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...