24 C
Colombo
Thursday, February 20, 2025

දුම්කොළ සමාගමේ පිරිවැටුම 41%කින් ඉහළට – ආණ්ඩුවට රු. බි. 35ක බදු ආදායමක්

- Advertisement -

2021 වසරට සා‍පේක්ෂව 2022 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ දෙවන කාර්තුවෙහි ලංකා දුම්කොළ සමාගමෙහි පිරිවැටුම 41% කින් වර්ධනය වී ඇති අතර සමාගම විසින් රජයට ලබා දී ඇති ආදායම 44% කින් වැඩි වී ඇත.

2022 වසරේ දෙවන කාර්තුවට අදාලව ලංකා දුම්කොළ සමාගමේ බදු පෙර ලාභය රු. බිලියන 6.4 ක් ලෙස දැක්වුණ අතර එම සමාගම විසින් රජයට ආදායම් බදු ගෙවීමෙන් පසු ලාභය දැක්වුණේ  රු. බිලියන 3.4 ක් ලෙසයි.

2022 අංක 14  දරණ අධිභාර බදු පනතේ දෙවැනි වගන්තියට අනුව 2022 අප්‍රේල් 8වන දින ලංකා දුම්කොළ සමාගම රු. බිලියන 6.3 ක අධිභාර බද්දකට යටත්ව ඇත. එම අධිභාර බද්දේ පළමු වාරිකය ලෙස රු. බිලියන 3.1 ක මුදලක් 2022 අප්‍රේල් 20 වන දිනත් එහි දෙවැනි වාරිකය ලෙස රු. බිලියන 1.4 ක මුදලක් 2022 ජුනි 29 වන දිනත් දුම්කොළ සමාගම විසින් රජයට පියවා ඇත.

මේ අතර මෙම වසරේ පලමු මාස 6 තුළ ලංකා දුම්කොළ සමාගම විසින් රු. බිලියන 60 ක් දුම්කොළ බදු හා රු. බිලියන 5.6 ක් ආදායම් බදු ලෙස රජයට උපයා දී තිබේ.

ලංකා දුම්කොල සමාගම යනු ශ්‍රී ලංකා ආණ්ඩුවට වැඩිම බදු ආදායමක් උපයා දෙන තනි විශාලතම ආයතනය වීම ද විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES