කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද පෙරවරු 9.00 සිට නැවත මහජනතාවට විවෘත වී ඇත.
මෙහිදී එක් මගියෙකුට ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණකි. එමෙන්ම පැමිණෙන අමුත්තන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවද ගුවන්තොටුපල පාලනාධිකාරිය ප්‍රකාශ කරනවා.
මේ අතර, දිවයිනට පැමිණීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියට යොමුකළ ගුවන් මගීන්ට එම කටයුතු අවසන් වී මාසයක් තුළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත වෙලඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇත.
ඒ සදහා 0112263017 දුරකථන අංකය ඔස්සේ අමතා වැඩිදුර විස්තර ලබා ගෙන, ලියාපදිංචිවීම සිදු කර ගත යුතු බව ද ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කරනවා.
තව කියවන්න
- DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි
- ජාතික රූපවාහිනියත් විකුණන්න යයි
- රුපියලේ අගය අඩු වෙයි
- මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.
- නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!