30 C
Colombo
Sunday, September 15, 2024

සීනි අර්බුදයට විසඳුම් සෙවීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද

- Advertisement -

වෙළෙඳපොළේ මතුව ඇති සීනි අර්බුදය සඳහා විසඳුම් ලබා දීම අද(20) දිනයේදී සිදුවන බව, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

පසුගියදා සීනි සඳහා බදු පැනවීමත් සමඟ වෙළඳපොළෙහි සීනි මිල ඉහළ ගිය අතර, පසුව රජය විසින් සීනි සඳහා පාලන මිලක්ද පනවනු ලැබුවා.

කෙසේ වෙතත්, මේ වනවිට වෙළඳපොළේ සීනි හිඟයක් පවතින බවටයි වාර්තා වන්නේ.

පාරිභෝගිකයින් චෝදනා කර සිටියේ, ප්‍රමාණවත් තරම් වෙළඳපොළෙහි සීනි තොග නොමැති බවයි.

රට තුළ සීනි මෙටීරක් ටොන් 19,000ක් මේ වන විට පවතින බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

එබැවින් සීනි හිඟයක් ඇති වීමට කිසිසෙත් ඉඩක් නොමැති බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊයේ (19) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ අද දිනයේදී සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.

RECENT ARTICLES - SINHALA

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (15) දහවල් විභාග...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...