26 C
Colombo
Thursday, March 23, 2023

කළු ඉරිදාව අදයි

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් මෙරට කතෝලික සභාව අද (07) දින කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව ඊට සහය දක්වමින් මෙරට කිතුණු ජනතාව ‍කළු ඇඳුමින් සැරසී දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගී වී සිටියා.

දේවමෙහෙයන්ගෙන් අනතුරුව පිටතට පැමිණි කතෝලික ජනතාව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක්ද දක්වා තිබුණා.

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව පසුගිය දා භාරදුන් අතර හිටපු ජනපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනුකිරීම සහ තවත් නිර්දේශ රැසක් එහි ඇතුළත් වුණා.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැතිවීම නිසාවෙන් මාර්තු මස 07 වැනිදා ඉරුදින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කතෝලික අගරදගුරු පදවිය තීරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...