24 C
Colombo
Thursday, March 30, 2023

ලෝක වනජීවී දිනය අදයි

- Advertisement -

2021 වසරේ ලෝක වනජීවී දිනය (World Wildlife Day) මාර්තු 03 දින එනම් අද දිනට යෙදී ඇත.

ලෝකයේ වන සතුන් සහ ශාක පිළිබඳ සැමරීම සහ දැනුවත් කිරීම සඳහා මෙම දිනය වෙන් කර ඇති අතර, පසුගිය දශකය තුළ ලෝකයේ වනජීවී සංඛ්‍යාව සහ තිරසාර බව සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන පරිදි “ලෝක වනජීවී දිනය වාර්ෂික සැමරුමක් වුවද, වනජීවී සංරක්ෂණය යනු සෑම දිනකම අවධානය සහ ක්‍රියාකාරිත්වය අවශ්‍ය වන ගැටලුවකි .

වදවීමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ ශාක විශේෂ පිළිබඳ ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ සම්මුතිය (CITES) 1973 වසරේ මාර්තු මස 03 වන දින අත්සන් කරන ලද බැවින් එදින ලෝක වනජීවි දිනය ලෙස තෝරා ගෙන ඇත. නමුත්,වාර්ෂිකව මෙම දිනය සැමරීම සිදුවන්නේ 2013 වසරේ සිට වන අතර එය 68 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) 2013 දෙසැම්බර් 20වන දින ලෝක වනජීවි දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවයි.

මිනිස් ජීවනෝපායන් සඳහා වනාන්තර සහ පරිසර පද්ධති කෙතරම් වැදගත් ද යන්න ඉස්මතු කර දැක්වීමේ අරමුණු කර ගත් 2021 ලෝක වනජීවි දිනයයේ තේමාව ” වනාන්තර සහ ජීවනෝපායන් ,මිනිසුන් සහ ග්‍රහලෝකයන් තිරසාර කිරීම
(The Forest & Livelihood ,Sustainng People & Planet) ලෙසින් නම් කර ඇත.

මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇත්තේ “වනාන්තර හා වනාන්තරයට යාබද ප්‍රදේශ සමඟ ඓතිහාසික සබඳතා ඇති ආදිවාසී සහ ප්‍රාදේශීය ප්‍රජාවන්” වෙත ය. මෙම සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉඩම් පරිහරණයෙන් දළ වශයෙන් 28% කි. මෙම තේමාව තුළ සම්පත් තිරසාරව භාවිතා වන බව සහතික කිරීමත් සමඟ දිළිඳුකම අඩු කිරීම එක්සත් ජාතීන්ගේ අරමුණු වී ඇත.

මිලියන 200 ත් 350 ත් අතර ජනතාවක් ගෝලීය වශයෙන් වනාන්තර තුළ හෝ යාබදව ජීවත් වන බව මෙන්ම ජීවය හා ජීවනෝපාය සඳහා වන සම්පත් මත කෙලින්ම යැපෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්ව හානිය සහ සෞඛ්‍යය වැනි විවිධ අර්බුද හේතුවෙන් අප අවට වනාන්තර සහ යැපෙන ප්‍රජාවන් සෘජු තර්ජනයට මේවන විට ලක්ව ඇත. “COVID-19 වසංගතයේ සමාජ හා ආර්ථික බලපෑම්” හේතුවෙන් මෙම වසර විශේෂයෙන් තීරණාත්මක බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තව දුරටත් පවසයි.

– තක්ෂි දුල්සරා –

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...