එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.79ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.25 ක් ලෙස සටහන් වුණා.
මේ අතර, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.
මහජන බැංකුව – රු. 293.46 – රු. 303.39
කොමර්ෂල් බැංකුව – රු. 292.48 – රු. 301.75
සම්පත් බැංකුව- රු. 293.75 – රු. 302.75
එන්.ඩී.බී. (NDB) – රු. 292 – රු. 303