29 C
Colombo
Sunday, June 4, 2023

ටෝකියෝ ඔලිම්පික් – දවසේ විශේෂ සිදුවීම්

- Advertisement -

ඇමරිකානු ජවන අධිපත්‍යය බිඳ වැටුණාද?

අනපේක්ෂිත ලෙස ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 4×100 පිරිමි සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ඇමෙරිකානු කණ්ඩායම ඊයේ අසමත් වුණා.

ලැජ්ජාසහගත තරගයක නිරත වූ Trayvon Bromell, Fred Kerley, Ronnie Baker සහ Cravon Gillespie ගෙන් සමන්විත වූ කණ්ඩායමට මූලික වටයේ තරගයේදී හිමි වූයේ හයවන ස්ථානයයි.

ඇමෙරිකාව බිහි කළ විශිෂ්ටතම කෙටිදුර ධාවකයා ලෙස සැලකෙන කාල් ලුවිස් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුණේ සහය දිවීමේ කණ්ඩායම (ඇමෙරිකානු) කළ සියලු දේ වැරදි බවයි.

“එය මුලුමනින්ම ලැජ්ජාසහගතයි” කාල් ලුවිස් වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන් මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන සිටි ඇමෙරිකාවේ Grant Hollowayගේ පරාජයත් ඊයේ කැපී පෙනුණා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට කිසිදු තරගයක් පරාජය නොවී සිටි Holloway ඔලිම්පික් උළෙලේදී පරාජය කරමින් එම ඉසව්වේ රන් පදක්කම ජැමෙයිකාවේ Hansle Parchment දිනා ගත්තා.

දිර්ඝ කාලයක් පුරා ඇමෙරිකාවේ ආධිපත්‍යයට නතුව තිබූ මී⁣ටර් 400 ඉසව්ව ජයගැනීමට බහමා රාජ්‍යයේ Steven Gardiner සමත් වුණා.

Gardiner ඉතිහාසයට එක් වන්නේ ජවන හා පිටිය ඉසව්වලින් බහමා රාජ්‍යය වෙනුවෙන් පිරිමි කේවල ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනූ පළමුවැන්නා ලෙසයි.

එම ඉසව්වේ රිදී පදක්කම කොලොම්බියාවටත් ලෝකඩ පදක්කම ග්‍රෙනේඩාවටත් හිමි වුණා.

කොලොම්බියාව මලල ක්‍රීඩා ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තේ ද පළමු වරටයි.

ලෝකඩ පදක්කම දිනූ ග්‍රෙනේඩාවේ Kirani James 2012 ඔලිම්පික් රන් පදක්කමත් 2016 රියෝ ඔලිම්පික් රිදී පදක්කමත් දිනා ගෙන තිබෙනවා.

ඒ අනුව 1984 සිට 2008 දක්වා මීටර් 400 ඉසව්ව අඛණ්ඩව 7වරක් ජයගත් ඇමෙරිකාවට මෙවර එම ඉසව්වේ කිසිදු පදක්කමක් හිමි නොවීම කැපී පෙනෙනවා.

මලල ක්‍රීඩාවෙන් ඇමෙරිකාවට යම් හෝ අස්වැසිල්ලක් ලැබුණේ රිටි පැනීම හා යගුලිය විසිකිරීම ඉසව්වලිනි.

Katie Nageotte කාන්තා රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

යගුලිය විසිකිරීමේ පිරිමි ඉසව්ව මෙවරත් ජය ගැනීමට Ryan Crouser සමත් වුණේ තමන් විසින්ම පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තාව බිඳ දමමින්.

ඇමෙරිකාවේ Joe Kovacs රිදී පදක්කම දිනා ගනිද්දී නවසීලන්තයේ Tomas Walsh ලෝකඩ පදක්කම දිනා ගත්තා.

2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ද යගුලිය විසිකිරීමේ ඉසව්වේ රන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තේ මෙම ⁣ක්‍රීඩකයන් තිදෙනායි.

ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ කේවල ඉසව්වක පෙර තරගාවලියේ පදක්කම්ලාභින් වෙනස් නොවුණු පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වනවා.

රියෝ ඔලිම්පික් උළෙලේදී මලල ක්‍රීඩාවලින් රන් පදක්කම් 13ක් දිනා ගත් ඇමෙරිකාවට මෙවර හිමිකරගැනීමට හැකිව තිබෙන්නේ රන් පදක්කම් 5ක් පමණයි. ඉන් පදක්කම් හතරක්ම දිනාගෙන ඇත්තේ කාන්තා ඉසව්වලින් වීමත් විශේෂත්වයක්.

එමෙන්ම 1980 ඇමෙරිකාව විසින් වර්ජනය කරනු ලැබු ඔලිම්පික් උළෙලද ඇතුලත්ව පිරිමි කේවල ධාවන ඉසව්වකින් රන් පදක්කම් දිනාගැනීමට ඔවුන් අපොහොසත් වූ පළමු අවස්ථාව ලෙසද ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඉතිහාසයට එක්වනු ඇති.

ඔලිම්පික් පදක්කමක් දිනූ 100වෙනි රට

තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් Fabrice Zango බුර්කිනෝ පාසෝව මලල ක්‍රීඩා ඉසව්වේ ඔලිම්පික් පදක්කමක් දිනූ 100වැනි රට බවට අභිෂේක කළා. එය බුර්කිනෝ පාසෝ රාජ්‍යයේ පළමු ඔලිම්පික් පදක්කමද වනවා.

දශක හතරකින් ඔලිම්පික් දිනූ ඉන්දියාව

ජර්මනිය පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත් ඉන්දියාව වසර 41කට පසු ඔලිම්පික් උළෙලක හොකී ඉසව්වේ පදක්කමක් හිමි කරගත්තා.

ඔලිම්පික් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස සැලකෙන ඉන්දියාව හොකී රන් පදක්කම් 8ක් දිනාගෙන ඇති නමුත් 1980 මොස්කව් රන් පදක්කම දිනාගැනීමෙන් පසු පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් වුණා.

හොකී රන් පදක්කම පළමුවරට බෙල්ජියම දිනා ගත්තේ දඬුවම් පහර අවස්ථාවෙන් ඔස්ට්‍රේලියාව පරාජය කරමින්.

පදක්කම් සටහන

රන් පදක්කම් 34ක් සමග තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන්නේ චීනයයි. රිදී පදක්කම් 24ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ඔවුන් දිනාගෙන සිටිනවා.

රන් පදක්කම් 29ක් සමග දෙවන ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවයි. රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 27ක් සමග ඔවුන් දිනාගෙන ඇති සමස්ත පදක්කම් ගණන 91ක්.

රන් පදක්කම් 22ක් දිනූ සත්කාරක ජපානය තුන්වන ස්ථානයේ පසුවනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...