30 C
Colombo
Monday, May 29, 2023

ටෝකියෝ ඔලිම්පික් – දවසේ විශේෂ සිදුවීම්

- Advertisement -

පදක්කම් වාර්තාව අලුත් කළ ඇමෙරිකානු කලු වෙළඹ

වැඩිම ඔලිම්පික් පදක්කම්ලාභී මළල ක්‍රීඩිකාව ලෙස ඇමෙරිකාවේ ඇලීසන් ෆීලික්ස් ඉතිහාසයට එක්වුණා.

ඒ මීටර් 400 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කමත් සමග සිය පදක්කම් ගොන්න 10ක් දක්වා ඉහළ නංවා ගනිමින්.

සිය පස්වන ඔලිම්පික් උළෙලට එක්ව සිටින 35 හැවිරිදි ඇලීසන් ෆීලික්ස් මේවන විට රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගෙන සිටිනවා.

අද (සෙනසුරාදා) පැවැත්වෙන 4×400 ඉසව්වට සහභාගීවන ඇය තවත් පදක්කමක් කරා යෑමේ අවස්ථාවද පවතිනවා.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ බහමා රාජ්‍යයේ Shaunae Miller-Uibo.

කෙටි දුර ධාවනයේ ඉතාලි ලකුණ

මෙවර ඔලිම්පික් උ⁣ළෙලේ 4×100 පිරිමි ඉසව්ව ජය ගනිමින් හයවන රන් පදක්කම සිය රටට දිනා දීමට ඉතාලි සහය දිවීමේ කණ්ඩායම සමත් වුණා.

ඒ මහා බ්‍රිතන්‍ය කණ්ඩායම තත්ත්පර 0.01කින් අභිබවමින්.

ඉතාලිය මෙම ඉසව්වේ රන් පදක්කම දිනා.ගත්තේ 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලෙන් පසු පළමුවරටයි.

ඒ අනුව ඉතාලිය ඔලිම්පික් උළෙලක මළල ක්‍රීඩා ඉසව්වෙන් වැඩිම රන් පදක්කම් ගණන දිනා ගැනීමට මෙවර සමත් ව සිටිනවා.

ඒ අතරතුර Antonella Palmisano කිලෝමීටර් 20 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 1984 වසරෙන් පසු ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු ඉතාලි මළල ක්‍රීඩිකාව වෙමින්.

ඇගේ 30වන උපන්දිනයද ඊයේ වීම සුවිශේෂි වුණා.

කෙටි දුර ආධිපත්‍යය රැකගත් ජැමෙයිකාව

කෙටි දුර ධාවන පථයේ සිය ආධිපත්‍යය තවදුරටත් රැකගනිමින් 4×100 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකානු සහය දිවීමේ කණ්ඩායම සමත් වුණා.

තත්ත්පර 41.02ක කාලයක් වාර්තා කරමින් ජාතික වාර්තාවද අලුත් කරමින් ජැමෙයිකාව මෙම ඉසව්ව ජයගත්තේ වසර 17කට පසුවයි.

එම ජයග්‍රහණය ජාතික නිදහස් දිනයේදී ලබා ගැනීමට හැකි වීමත් තවත් විශේෂත්වයක්.

මෙම කණ්ඩායම මි⁣ටර් 100 රන් පදක්කම්ලාභිනිය Elaine Thompson-Herah, රිදී පදක්කම්ලාභිනිය Shelly-Ann Fraser-Pryce, ලෝකඩ පදක්කම්ලාභිනිය Shericka Jackson සහ 2018 මීටර් 100 / මීටර් 200 ලෝක කණිෂ්ඨ ශූරිය Briana Williams, ගෙන් සමන්විත වුණා.

ඒ අනුව Elaine Thompson-Herah මීටර් 100 මීටර් 200 හා 4×100 ඉසව් තුනේම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

25 හැවිරිදි එලයිනා ඔලිම්පික් උළෙලක මලල ක්‍රීඩා ඉසව්වේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනූ පස්වැනි ක්‍රීඩිකාව මෙන්ම 2012දී ඇලීසන් ෆීලික්ස්ගෙන් පසු එම දස්කම කළ පළමු ක්‍රීඩිකාවද වනවා.

4×100 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ඇමෙරිකාවටත් ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යයත් දිනා ගත්තා.

Team Jamaica celebrates after winning the final of the women’s 4 x 100-meter relay at the 2020 Summer Olympics, Friday, Aug. 6, 2021, in Tokyo. (AP Photo/Petr David Josek)

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.