26 C
Colombo
Tuesday, May 21, 2024

කාසියේ වාසිය පාකිස්ථානයට

- Advertisement -

2023 ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය මෙන්ම 11 වන ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර තරගය අද (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුණා

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථානු නායක බාබර් අසාම් සමත්වු අතර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

වර්ෂාව නිසා අද තරගය පන්දුවාර 45කට සීමා කර තිබෙනවා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනිදා ඉන්දියාව සමග පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබනවා.

අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම පාකිස්ථානු කණ්ඩායමට අනිවාර්යයෙන්ම ජය ගතයුතු වීම නිසයි.

අද තරගයට වර්ෂාවෙන් බාධා පැමැණියහොත් තරගය අත්හිටුවීමට තීරණය කලහොත් ප්‍රසාද ලකුණු මට්ටම අනුව පාකිස්ථානයට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව සමග අවසාන මහා තරගයට මුහුණදීමට හැකියාව ලැබීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි විචාරකයින් පවසන්නේ.

මේ වන විට පාකිස්ථානු කණ්ඩායමේ එක් කඩුල්ලක් දවා ගැනීමට ප්‍රමෝද් මධුශාන් සමත්ව වුණාත ඒ අනුව පකිස්ථානය එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබාගෙන සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...