29 C
Colombo
Saturday, July 27, 2024

මහින්දගේ රුව ඇති රුපියල් 1000 වෙළෙඳුන් එපා කියයි

- Advertisement -

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළඳසැලකට ලබාදුන් පුද්ගලයෙකුට අදාල වෙළඳසැල් හිමිකරුවන් විසින් ඊයේ (05) සවස දැඩි විරෝධය පෑමෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.

යාපනය නගරයේ පිහිටි සාප්පූ සංකීරණයකට ගිය පුද්ගලයෙකු අවශ්‍යතාවයක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් අදාල මුදල් නෝට්ටුව ඉදිරිපත් කිරීමත් සමග වෙළඳසැල් හිමියා විසින් මුදල් නොට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වදිමින් කියමින් එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පවසා ඇත.

අනතුරුව මුදල් හිමියාද වෙළෙඳහිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසැල් හිමියන්ද එම ස්ථනයට පැමිණීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙන අතර අනතුරුව අසල්වැසි වෙළෙඳ හිමියන් විසින් තත්වය පාලනය කොට ඇත.

රටේ රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා වාතාවරනය හේතුකොටගෙන මුදල් හිමියාට අදාල මුදල් නෝට්ටුව නැවත වෙනත් වෙළඳ සැලකටද ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට සෙසු වෙළඳසැල් හිමියන් පියවර ගෙන තිබුණි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...