හෙට රාත්‍රී 11 සිට 17 වන සඳුදා අලුයම 4 වන තුරු දිවයින පුරා සියලු සංචරණය තහනම් කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි ඔහු සදහන් කරන්නේ.
මීට පෙර යුද හමුදාපතිවරයා පැවසුවේ අද (12) දින සිට ලබන 31 දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සියලුම ප්‍රදේශවල කිසිඳු සංචරණයකට අවසර හිමි නොවන බවයි.
කෙසේවෙතත් එම තීරණය යළි සංශෝධනය කර හෙට (13) සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා.