COVID-19 වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර ගමන් තහනම් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා අදාල තීරණය ක්‍රියාත්මක කරන බවයි.
COVID-19 කාර්ය සාධක බලකාය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සෞඛ්‍ය විශේෂඥයින් සමඟ අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී අදාල තීරණය ගෙන තිබෙනවා.
එම සාකච්ඡාවට පැමිණ සිටි සියලු දෙනා පළාත් අතර සහ දැඩි සංචාරක තහනම් පැනවීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සම්පූර්ණ වශයෙන් රට වසා දැමීමටද මෙහිදී එකඟවී තිබෙනවා.

