29 C
Colombo
Thursday, June 8, 2023

දෝෂාභියෝගය හමුවේ ට්‍රම්ප් සසල වෙයි..

- Advertisement -

කැරැල්ලකට අනුබල දීමේ චෝදනාවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයට ඔහුගේ පක්ෂයේ රිපබ්ලිකන් සභිකයන්ම ඡන්දය පාවිච්චි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට මෙවර දෝෂාභියෝගය එල්ල වුණේ ඇමෙරිකාවේ පාර්ලිමේන්තුව හෙවත් කැපිටල් හිල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරය පදනම් කරගෙනය.

ඒ අනුව තම ධූර කාලයේදී දෙවතාවක්ම දෝෂාභියෝගයකට මුහුණදීමට සිදු වූ පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් පත්ව තිබේ.

මේ නිසා ඔහුට නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන්න දැන් ගැටලුවක් වී තිබේ.

ඊට හේතුව නම් නව ජනපති හැටියට ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිත ජනවාරි 20 වැනිදාට පෙර සෙනෙට් සභාව රැස් නොවීමය.

ප්‍රහාරයෙන් පසුව මේ වනවිට කැපිටල් හිල් ගොඩනැගිල්ලට අධිආරක්ෂාවක් යොදා ඇත.

කෙසේ වෙතත් දෙවැනි දෝෂාභියෝගය හමුවේ සසල වී ඇති බවක් පෙන්වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තමා ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන්නේ යැයි ද තමාට සැබැවින් ආධාර කරන කිසිවෙකුට ද ප්‍රචණ්ඩත්වයෙහි නිරත විය නොහැකි යැයි ද අද(14) ප්‍රකාශයක් කළේය.

කිසිදා සෙසු ඇමෙරිකානුවකුට අනතුරක් කිරීමට සිය පාක්ෂිකයන්ට නොහැකි යැයි ද එසේ කළ පිරිස් රටට ද්‍රෝහී වූවන් යැයි ද පවසා ඇති හෙතෙම කැපිටල් හිල් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධවූවන්ට දඬුවම් කිරීමට පියවර ගන්නේ යැයි අද අවධාරණය කර ඇත.

ඇමෙරිකාව නීතිගරුක රටක් යැයි ද නීතිය හා සාමය ස්ථාපිත කිරීමට සියලුම පියවර ගන්නා හැටියට තමා ආරක්ෂක අංශ දැනුවත් කළේ යැයි ද ඔහු පවසා ඇත.

මෙම දුෂ්කර අවස්ථාවේ එකිනෙකාට සවන් දිය යුතු යැයි ද ආවේගශීලීත්වයෙන් තොරව රටේ සාමය පවත්වාගත යුතුයි යැයි ද ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ලොව බොහෝ රටවල් ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිතයන්ගේ විදේශ නිල සංචාර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

පොලිස් ලොක්කෙක්ගේ පුතෙකුට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

රිය අනතුරක් සිදුකර පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් නවිඳු උමේෂ් රත්නායක නැමැත්තාට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් හා...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...