2020 වසරේ අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා 4ක් ගොනුකර ඇති බවයි.
නිල ක්‍රියාවලියකට බාධාකිරීම හා කුමන්ත්‍රණය, පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රණය ආදී චෝදනා ඔහුට එරෙහිව ගොනුකර තිබෙනවා.
කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව අදාළ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් තවත් නම් නොකළ පුද්ගලයින් 6 දෙනෙකුට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති බවද සඳහන් වනවා.