25 C
Colombo
Wednesday, September 27, 2023

සිකුරාදා සහ ඉරිදා දිනවල යාපනයේ උපකාර පන්ති පැවැත්වීම තහනම්

- Advertisement -

ජුලි 01 වනදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා කියා සිටියේ 9 ‍ශ්‍රේණියෙන් පහළ පන්ති සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බවයි.

ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද සාකච්ඡා කිරීමට නියමිතයි.

යාපනය දිස්ත්‍රික් ලේකම් වැඩිදුරටත් කියා සිටියේ සෑම පෞද්ගලික පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවත් සෑම පෞද්ගලික පන්තියක්ම පවත්වාගෙන යාමේදී ඒ සඳඟා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවත්ය.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...