24 C
Colombo
Tuesday, March 5, 2024

තලේබාන් සංවිධානය තුර්කියටත් අනතුරු අඟවයි

- Advertisement -

යම් හෙයකින් තුර්කි හමුදා ඇෆ්ගනිස්තානයේ තවදුරටත් රැදී සිටීමට කටයුතු ක⁣ළහොත් ඔවුන්ට එරෙහිව ද කටයුතු කිරීමට තමන්ට සිදුවනු ඇති බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබේ.

තලේබාන් සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ඇමරිකාවේ ඉල්ලීම මත කාබුල් ගුවන් තොටුපලේ ආරක්ෂාව වැනි කරුණු සදහා තුර්කි හමුදා යෙදවීමට ගෙන ඇති තීරණයට ප්‍රතිචාර වශයෙනි.

තලේබාන් සංවිධානයේ මෙම ප්‍රකාශය තුර්කි සහ පකිස්තාන සබදතාවලටද අහිතකර ලෙස බලපානු ඇති බවට වාර්තා පළවී තිබේ.

ඒ පකිස්තානය තුර්කිය සමග මෙන්ම තලේබාන් සංවිධානය සමගද සමීප සබදතා පැවැත්වීම හේතුවෙනි.

මේ අතර ඇෆ්ගනිස්තානයේ ගැටුම් තවදුරටත් දර්ණු වෙමින් ඇති අතර ග්‍රාමීය ප්‍රදේශ සියල්ලේම පාහේ බලය තලේබාන් සංවිධානය අතට පත්ව ඇතැයි සදහන් වේ.

නාගරික ප්‍රදේශවල බලය අල්ලා ගැනීම සදහා ඔවුන් විසින් දරැණු සටන් මෙහෙයවමින් සිටින බවද විදෙස් වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...