පානදුර රන්කොත් විහාරස්ථානයේ විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කහපොල සුගතරතන හිමියන්ට ඊයේ (10) දින පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර පොලිසිය පවසනවා.
විහාරාධිපති හිමියන් කල පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනා අද(11) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උන්වහන්සේගේ සොහොයුරියකගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ පුත්‍රයා බව පොලිසිය සදහන් කළා.
නායකහිමියන් වැඩසිටින පානදුර රන්කොත් විහාරස්ථානයට ඊයේ පැමිණි මෙම සැකකරුවන් පහරදීම සිදුකර තිබෙනවා.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.