26 C
Colombo
Saturday, May 18, 2024

බණ්ඩාරගම ATM යන්ත්‍රයක මුදල් සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

- Advertisement -

කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව කළුතර දකුණ පොලීසිය පවසනවා.

පැයක පමණ කාලයක් තුළ මෙම සැකකරුවන් විසින් පානදුර නගරයේදී සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහරදී රුපියල් 150,000කට අධික වටිනාකමකින් යුත් සිම්පත්, ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය අසලට කඩාවැදී පුද්ගලයකුට මන්නා පහරවල් 05ක් එල්ලකර රුපියල් 150,000ක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර පලාගොස් තිබු බව සඳහන් වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දොඩංගොඩ ‘පූස්කොටා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු සහ 18 හැවිරිදි ඔහුගේ ගෝලයා බව ද පොලීසිය ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බව හෙළිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...