25 C
Colombo
Sunday, May 12, 2024

ස්පා ගිය කොස්තාපල්වරු දෙදෙනෙක්ගේ වැඩ තහනම්

- Advertisement -

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයට ගොස් එහි කාන්තාවන් දෙදෙනෙක්ගෙන් සේවය ලබාගත් කියන පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පෑලියගොඩ මුලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සම්භාහන මධ්‍යස්ථානය වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුවන අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකුගේ සේවය ලබා ගනිමින් සිටි කොස්තාපල්වරුන් දෙදෙනා පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මුලික විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පලා ගිය කොස්තාපල්වරුන් දෙදෙනා පෑලියගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභා​ග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට...

සාමාන්‍ය පෙළ විභාග​යේ ඉදිරි කටයුතු ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්...

සපුගස්කන්දට අකු​ණු සැර ව​දි​යි

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු​වේ ගෑස් සපයන නලයකට අද (12) පස්වරුවේ, අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග අද පස්වරු 4.30ට පමණ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...