31 C
Colombo
Saturday, July 27, 2024

කඩවත වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

- Advertisement -

යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට ඊයේ (24) දින කඩවතදී වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෛක් අණාවරණය වී නොමැත.

මෙලෙස මියගොස් ඇත්තේ පෑලියගොඩ – මීගහවත්ත – වැල්පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පනම්බිල් කැලුම් සමීර සහ 31 හැවිරිදි ටිකිරි හැන්නගේ කසුන් චින්තක යන අයයි.

ඔවුන් බැරල් සංඛ නමැති අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයින් බවට යි වාර්තා වන්නේ.

මේ අතර, අදාල සිද්ධියට අදාළ මෙහෙයුම් සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ කොපු 15ක් සොයා ගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...