ගාල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (03) අලුයම පලාගොස් තිබෙන බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.
මෙසේ පලාගොස් ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුගිය 01වනදින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා රැඳවුම් නියෝග ලබාගෙන රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙක්.
ගාල්ල බෝපෙ වටරැකපාර පදිංචි 26 හැවිරිදි සැකකරුවෙක් සහ ගාල්ල කෝන්ගහ පාර මයිනගොඩ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස පලාගොස් තිබෙන බව පොලිසිය පවසනවා.