25 C
Colombo
Saturday, January 18, 2025

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (15) දින ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.

සංචාරක වීසා මඟින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර ඇති අතර, එරටදී රැසියානු-යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුවී තිබෙනවා.

මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වනවා.

ඒ අනුව, නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය ඊයේ වැටලීම් කර, එහි හිමිකරු සහ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (16) දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද මේ වන විට අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම විමර්ශනය සඳහා කළමනාකරු (විශේෂ විමර්ශන) කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, මහීෂ කොඩිප්පිලිආරච්චි, මදුශාන් විජේවර්ධන, අමිල පෙරේරා හා ගයේෂා සුභාෂිණි යන නිලධාරීන් සහභාගි වී තිබුණා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, කිසිදු හමුදාවක සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මඟින් කිසිදු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසයි.

මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...