30.7 C
Colombo
Tuesday, April 23, 2024

දස දහසක අල්ලස් මුදලක් ගත් පොලිසියේ දෙදෙ‍නෙක් අත්අඩංගුවට

- Advertisement -

රථ වාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් 10,000 මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යගිරල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.

පැමිණිලිකරුගේ රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට සහ බලපත්‍රය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද යන්න පරීක්ෂා කර බලා නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව සඳහන්.

අදාළ මුදල ලබාගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා සම්බන්ධයෙන් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වු...

රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ...