27.7 C
Colombo
Tuesday, May 13, 2025

තොරතුරු සටහන් වෙනස් කළ සැරයන්ලා දෙන්නෙක් අත්අඩංගුවට

- Advertisement -

මැදවච්චිය, තුලාවේලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ පැවති සටහනක් වෙනස්කර කූඨ ලේඛන සකස් කළ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ කැබිතිගොල්ලෑව පොලීසිය අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි සැරයන්වරු දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැරයන්වරුන් දෙදෙනා ඉකුත් අප්‍රේල් මස 7 වැනි දින මැදවච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිට තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත්තේ, එහිදී ඔවුන් දෙදෙනා පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ  පැවැති සටහන වෙනස්කර ඇති බවයි.

එමෙන්ම එම වෙනස් කිරීම්වලට අනුව එම නිලධාරීන් දෙදෙනා විසින් කූඨ ලේඛන ද සකස් කර ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...