30 C
Colombo
Friday, May 17, 2024

රනිල්ගෙන් රෝග පාලනයට විශේෂ කමිටු දෙකක්

- Advertisement -

රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කැබිනට් තීරණයට අනුව මෙම කමිටු පත් කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකු පත් කර තිබෙනවා.

මීට අමතරව මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09ක්ද පත් කර තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබුණා.

ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ සෞඛ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණා.

විද්වත් කමිටුව ලබන 13 වන අඟහරුවාදා පෙරවරුවේ රැස්වීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද ඒ සඳහා කැඳවීමටත්, පළාත් මට්ටමින් ඩෙංගු මර්ධන ක්‍රියාකාරි සැලැස්ම එහිදි සකස් කිරීමටත් තීරණය කළ බවට වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය විනාශ කරන්න අධිබලැති උඳුනක්

මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට...

සාම්පූර් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

මියගිය ඥාතීන් සිහිකර කැඳ බෙදා දීමේ සිද්ධියක් මූලික කරගමින් පසුගියදා සාම්පූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සිව් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. මෝසමක්...

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...