28 C
Colombo
Saturday, July 27, 2024

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

- Advertisement -

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මකව සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ පුළුල් විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව සඳහන්.

රුසියානු හමුදා කඳවුරුවල පිරිසුදු කිරීමේ සේවය සඳහා යැයි පවසමින් මෙම පිරිස් මෙරටින් යවා ඇති අතර එරටදී ඔවුන් රුසියානු – යුක්රේන් යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස යොදාගෙන තිබෙන බවට වාර්තා වනවා.

මෙම මහ මොළකරුවන් දෙදෙනා මෙම මිනිස් ජාවාරමේ නිරතව විශාල පිරිසක් මෙලෙස රුසියාවට යවා ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

මෙලෙස මෙරටින් රුසියාවට ගිය පිරිස් මෙරට හමුදා සේවයේ යෙදුණු විශ්‍රාමිකයන් බවත් සඳහන්.

අත්අඩංගුවට ගත් මේජර්වරයා වාරියපොළ පදිංචිකරුවකු බවත් ඒජන්සිකරු මහනුවර, දිගන අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

පෞද්ගලික ඒජන්සි මාර්ගයෙන් වැඩි වැටුපක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් මෙලෙස එක්වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

සහන සේවා කටයුතු සඳහා යැයි පවසමින් මෙරට හමුදාවේ විශ්‍රාමික සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් කුලී හේවායන් ලෙස රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට යොදවන බවට රුසියානු හමුදාවෙන් පළා ආ යුද්ධ හමුදා විශ්‍රාමිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

යුක්රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන හමුදා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සම්බන්ධ වී සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් වහා ම තොරතුරු ලබාදෙන ලෙස එරට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ද පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...